මෙන්න මගේ RSS Feeds

සවුදිය ලාංකික ගෘහ සේවිකාවකගේ හිස ගසා දමයි

0 Comments »
සවුදි අරාබියේ ජෙඩා නගරයේදී ශ්රී ලාංකික ගෘහ සේවිකාවක සහ තවත් පිරිමියෙකු ඊයේ හිස ගසා දමා මරණයට පත් කළ බව එරට අභ්ය න්තර කටයුතු අමාත්යංකශය නිවේදනය කළේය.

මෙම කාන්තාව හලීමා අබ්දෙල්කාදර් ලෙස පිරිමියා 'බංඩාර් නිකර්' වැනි නමකින් ද හඳුන්වා තිබේ. මෙ ලාංකික පිරිමියා තවත් ඉන්දියානුවකු සමග සවුදි කාන්තාවකගේ නිවසට හොරෙන් ඇතුළු වී එම කාන්තාවගේ හුස්ම හිර කර මරා දමා මුදල් හා රන් ආභරණ කොල්ල කා ඇති බව වාර්තා පවසයි. එම නිවසේ සේවය කළ ශ්රීර ලාංකික ගෘහ සේවිකාව ඔවුනට උපකාර කර ඇති බව කියැවේ.

මෙම පුද්ගලයන්ට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට හෝ ඔවුන් ලංකාවේදී දණ්ඩනයට ලක් කිරීම සඳහා මෙරටට ලබා ගන්නට මෙවැනි දුප්පත් සංක්රගමණික ශ්රකමිකයන්ගෙන් රටේ දෙවන ප්රිධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය සලසා ගන්නා ලංකාව කිසිදු පියවරක් ගත්තේදැයි දැනගන්නට නැත. ලංකාවට විදේශ විනිමය උපයා දෙන සංක්ර මණික කම්කරුවන්ගෙන් අඩකට වඩා ස්ත්රීටහු වෙති. ඔවුන් සේවා ස්ථානවලදී හිංසනයට ලක් වූ අවස්ථා රැසක් වාර්තා වී තිබේ. එහෙත් එම ක්රිීයා සිදු කළවුන්ට එරෙහිව නීතිය ක්රියයාත්මක වූයේ නැති තරම් ය.

සවුදි ආරබිය මේ වසරේදී මේ වන විට පුද්ගලයන් 59දෙනෙකුගේ හිස ගසා දමා ඇත.ආගම හැර දමන්නන්ට පවා එරට ෂාරියා නීතිය අනුව මරණ දඬුවම නියම කළ හැකිය.

ලංකාවේ අධිකරණ ඇමති ද මරණීය දණ්ඩනය ක්රියයාත්මක කිරීමට පක්ෂ ය. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ එයට විරුද්ධ බව පෙනේ. සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්රවනාන්දු නම් වූ රජයේ වතු කළමනාකාර හා සංවර්ධන ඇමති මිල්රෝයි ප්රුනාන්දුගේ භාර්යාව 2009 ජාත්යතන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කර තිබිණි.

ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණු දෙදෙනෙක් ද වූහ.

(ඡායාරූපයේ සිටින්නේ බාල වයස්කාරියකව සිටියදී කළේ යයි කියන වරදකට සවුදි අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇති රිසානා නෆීක් නම් කාන්තාවගේ මව හා පියා ය. දැන් ඇගේ නඩුව නැවත ඇසෙමින් තිබේ. ඒ අවසාන මොහොතේදී රාජ්යම නො වන සංවිධාන කීපයක් මැදිහත් වී ඇය වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට මැදිහත් වූ නිසා ය. සිව් වසරක් තිස්සේ ඇය සවුදියේ සිර ගෙයක ය. ඇය වෙනුවෙන් කතා කළ සියලු දෙනාට දැන් ඇය අමතක ය.)
8:15 AM

දෙවියනි ඔබ කොහිද?

0 Comments »
අප මේ වැකිය ලියන්නේ කිසියම් ආගමක්‌ කෙරෙහි හටගත් ද්වේෂයකින් හෝ කිසියම් ආගමකට ගැරහීම සඳහා නොවන බව මුලින්ම කියමු. කෙනෙකුට පහර දෙන විට ඔහුගේ ආගමට ජාතියට කුලයට සහ ඔහු හෝ ඇය ආදරය කරන දේට අත නොතැබිය යුතු බව එදා සිටම මේ තීරුව ඔස්‌සේ අපි සඳහන් කර ඇත්තෙමු. එහෙත් උසස්‌ ආගමික නායකයන්, වක්‌තෘවරුන්, දෙවියන් යනාදීන් ඇපයට තබා තම අරමුණ ඉටු කර ගැනීම සඳහා කටයුතු කරන්නට ගොස්‌ එයින් මිනිස්‌ ජීවිත හානි වූ විට ඒ සම්බන්ධයෙන් අපගේ මතය සඳහන් කරන්නට අපට අයිතියක්‌ තිබේ. අද අප පාවිච්චි කරන්නේ ඒ අයිතියයි.

විහාරමහා දේවි උද්යායනයේ පැවැති යාඥ මෙහෙයකට පැමිණි රෝගී කාන්තාවන් දෙදෙනකු රෝගය උත්සන්න වීමෙන් ක්‌ලාන්තව ඇද වැටී රෝහල් ගත කළ විට මිය යැමේ පුවතක්‌ ඉකුත් සඳුදා (02 දා) වාර්තා විය. රූපවාහිනී නාළිකා ඔස්‌සේද පෙන්වන ලද මේ සිද්ධියට නිසි ප්රිචාරය දැනටමත් ලැබී තිබේ. මේ යාඥ මෙහෙයේ අරමුණ දේව හාස්‌කමින් රෝග සුව කිරීම බව කියනු ලැබේ. මේ සිද්ධියට අමතරව බත්තරමුල්ලේ කොස්‌වත්ත ප්ර දේශයේ පවත්වන ලද මෙවැනිම යාඥ මෙහෙයකට සහභාගි වූ කාන්තාවක්‌ ඒ මෙහෙය අතරතුරදී වෙවුලන්නට පටන්ගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියාය. එයද 02 වැනිදා දිවයිනේ පළවිය.

ලෙඩ සුව කර ගැනීමට දොස්‌තරවරයකු හෝ වෙද මහතකු වෙත නොගොස්‌ විවිධ දේවගැතිවරුන් සහ පූජකයන් සමග යාඥ කරමින් සිට මියගිය සංඛ්යාවව ඉකුත් වසර 05 තුළ සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගියේය. ඒ මළමිනී ගොඩට ගෙන ඒවා එකින් එක ගැන මරණ පරීක්‌ෂණ පැවැත්වීමේ අදහස අප තුළ නැත. රෝගයක්‌ වැළඳුනු විට දෙවියන්ට බෙහෙත් අවශ්ය නැත. (නැතහොත් දෙවියන්ට රෝග වැළඳෙන්නේ නැත.) එහෙත් මනුෂ්යවයන් වූ අපට රෝගයක්‌ වැළඳුනු විට බෙහෙත් අත්යනවශ්යැය. රටපුරා රෝහල්, වෛද්ය් මධ්ය්ස්‌ථාන සහ සායන දහස්‌ ගණනක්‌ ආණ්‌ඩුවේ වියදමින් පිහිටුවා ඇත්තේ මේ කාරණය පිණිසය. ඒ අතර විශ්ව ශක්‌තියෙන් ලෙඩ සුව කිරීම, යන්ත්ර් මන්ත්ර ගුරුකම් මගින් ලෙඩ සුව කිරීම, මළයාලි වශී ගුරුකම් සහ භෞතික නිර්වචනවලට අසු නොවන ක්රලම මගින් ලෙඩ සුව කිරීම මේ දිනවල යහමින් දැක ගත හැකිය. යාඥ මගින් ලෙඩ සුව කිරීමද මෙවැන්නකි. මෙයද අතට හසු නොවෙයි. මෙහි බෙහෙත් නැත. ශුද්ධ වූ ජලය, මතුරන ලද තැඹිලි වතුර යනාදිය මෙයට අඩංගුය. ලෙඩා පණ අදින විට පවා ඔහු රෝහලකට රැගෙන නොගොස්‌ දිගින් දිගටම යාඥ කිරීම මෙහි ලක්‌ෂණයකි. අන්තිමේදී ලෙඩා මළ විට ඔහුගේ හෝ ඇයගේ ආත්මය දෙවියන් විසින් රැගෙන යනු ලැබ ඇතැයි ප්රතකාශයට පත් කරනු ලැබේ. එහෙත් මිනිය කපා බැලූ විට හෙළි වන්නේ උත්සන්නවූ රෝගයට ප්රුතිකාර නොකළ බැවින් මරණය සිදු වී ඇති බවය.

විද්යාේවට සියලු දෙයම හසු කර ගත නොහැකි බව අපි පිළිගනිමු. මරණින් මතු ජීවිතය, ගන්ධබ්බ කාලය, ආත්මවාදය වැනි කරුණු අදටත් අභියෝගයට ලක්‌ කළ නොහැක. එහෙත් කෙනකු අසනීප වූ විට හාස්‌කම් පිළිබඳ අවදානමක්‌ නොගෙන ලෙඩා රෝහල්ගත කරන්නේ නම් ඔහුට තවදුරටත් ජීවත්වීමට හැකි වනවා ඇත. යාඥ මෙහෙයකදී කෙනෙකු මියගිය විට එය එම මෙහෙය සිදුකළ ආගමික නිකායටද ඉතා නරක ලෙස බලපායි. විහාරමහා දේවි උයනේදී මෙන්ම බත්තරමුල්ලේ කොස්‌වත්තේදී වූ මරණවලින් පෙනී යන්නේ දේවගැතිවරුන් සහ බැතිමතුන් සහභාගි වුවද එම යාඥ මෙහෙයට දෙවියන් ඊට සහභාගි වී නැති බවය. දෙවියනි ඔබ කොහිද?

(දිවයින - 09/11/05)

ටිප්පණිය - ලංකාව පුරා මේ ආකාරයේ විවිධ ආගමික කල්ලි අහිංසක නූගත් මිනිසුන් ගොදුරු කර ගනිති. ඉන් බහුතරය බෞද්ධයින් බව නොකියා ම බැරි ය. රටේ අතිබහුතරය බෞද්ධයින් වුව ද නායකයින් බොහෝ දෙනා ජාතික ඇඳුම ඇඳ අතේ පිරිත් නූල් බැන්ද ද ඊට එරෙහිව ගත් ක්රි යාමාර්ගයක් නැත. සිදුවන්නේ ඒ අහිංසක මිනිසුන්ගේ කරමතින් උන් සුරලොව ගොස් ඒ හිණි මගට පයින් ගැසීම පමණි. ජනතාව සිය සංස්කෘතිය ද ආගම ද පෞඪත්වය ද අහිමි කර ගනිමින් ඒ නරා වළේ ම පැසවති. ඔවුන් දෙවියන්ගේ බැල්ම වැටෙන මානයෙන් බොහෝ ඈත ය.
8:07 AM