මෙන්න මගේ RSS Feeds

දෙවියනි ඔබ කොහිද?

0 Comments »
අප මේ වැකිය ලියන්නේ කිසියම් ආගමක්‌ කෙරෙහි හටගත් ද්වේෂයකින් හෝ කිසියම් ආගමකට ගැරහීම සඳහා නොවන බව මුලින්ම කියමු. කෙනෙකුට පහර දෙන විට ඔහුගේ ආගමට ජාතියට කුලයට සහ ඔහු හෝ ඇය ආදරය කරන දේට අත නොතැබිය යුතු බව එදා සිටම මේ තීරුව ඔස්‌සේ අපි සඳහන් කර ඇත්තෙමු. එහෙත් උසස්‌ ආගමික නායකයන්, වක්‌තෘවරුන්, දෙවියන් යනාදීන් ඇපයට තබා තම අරමුණ ඉටු කර ගැනීම සඳහා කටයුතු කරන්නට ගොස්‌ එයින් මිනිස්‌ ජීවිත හානි වූ විට ඒ සම්බන්ධයෙන් අපගේ මතය සඳහන් කරන්නට අපට අයිතියක්‌ තිබේ. අද අප පාවිච්චි කරන්නේ ඒ අයිතියයි.

විහාරමහා දේවි උද්යායනයේ පැවැති යාඥ මෙහෙයකට පැමිණි රෝගී කාන්තාවන් දෙදෙනකු රෝගය උත්සන්න වීමෙන් ක්‌ලාන්තව ඇද වැටී රෝහල් ගත කළ විට මිය යැමේ පුවතක්‌ ඉකුත් සඳුදා (02 දා) වාර්තා විය. රූපවාහිනී නාළිකා ඔස්‌සේද පෙන්වන ලද මේ සිද්ධියට නිසි ප්රිචාරය දැනටමත් ලැබී තිබේ. මේ යාඥ මෙහෙයේ අරමුණ දේව හාස්‌කමින් රෝග සුව කිරීම බව කියනු ලැබේ. මේ සිද්ධියට අමතරව බත්තරමුල්ලේ කොස්‌වත්ත ප්ර දේශයේ පවත්වන ලද මෙවැනිම යාඥ මෙහෙයකට සහභාගි වූ කාන්තාවක්‌ ඒ මෙහෙය අතරතුරදී වෙවුලන්නට පටන්ගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියාය. එයද 02 වැනිදා දිවයිනේ පළවිය.

ලෙඩ සුව කර ගැනීමට දොස්‌තරවරයකු හෝ වෙද මහතකු වෙත නොගොස්‌ විවිධ දේවගැතිවරුන් සහ පූජකයන් සමග යාඥ කරමින් සිට මියගිය සංඛ්යාවව ඉකුත් වසර 05 තුළ සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගියේය. ඒ මළමිනී ගොඩට ගෙන ඒවා එකින් එක ගැන මරණ පරීක්‌ෂණ පැවැත්වීමේ අදහස අප තුළ නැත. රෝගයක්‌ වැළඳුනු විට දෙවියන්ට බෙහෙත් අවශ්ය නැත. (නැතහොත් දෙවියන්ට රෝග වැළඳෙන්නේ නැත.) එහෙත් මනුෂ්යවයන් වූ අපට රෝගයක්‌ වැළඳුනු විට බෙහෙත් අත්යනවශ්යැය. රටපුරා රෝහල්, වෛද්ය් මධ්ය්ස්‌ථාන සහ සායන දහස්‌ ගණනක්‌ ආණ්‌ඩුවේ වියදමින් පිහිටුවා ඇත්තේ මේ කාරණය පිණිසය. ඒ අතර විශ්ව ශක්‌තියෙන් ලෙඩ සුව කිරීම, යන්ත්ර් මන්ත්ර ගුරුකම් මගින් ලෙඩ සුව කිරීම, මළයාලි වශී ගුරුකම් සහ භෞතික නිර්වචනවලට අසු නොවන ක්රලම මගින් ලෙඩ සුව කිරීම මේ දිනවල යහමින් දැක ගත හැකිය. යාඥ මගින් ලෙඩ සුව කිරීමද මෙවැන්නකි. මෙයද අතට හසු නොවෙයි. මෙහි බෙහෙත් නැත. ශුද්ධ වූ ජලය, මතුරන ලද තැඹිලි වතුර යනාදිය මෙයට අඩංගුය. ලෙඩා පණ අදින විට පවා ඔහු රෝහලකට රැගෙන නොගොස්‌ දිගින් දිගටම යාඥ කිරීම මෙහි ලක්‌ෂණයකි. අන්තිමේදී ලෙඩා මළ විට ඔහුගේ හෝ ඇයගේ ආත්මය දෙවියන් විසින් රැගෙන යනු ලැබ ඇතැයි ප්රතකාශයට පත් කරනු ලැබේ. එහෙත් මිනිය කපා බැලූ විට හෙළි වන්නේ උත්සන්නවූ රෝගයට ප්රුතිකාර නොකළ බැවින් මරණය සිදු වී ඇති බවය.

විද්යාේවට සියලු දෙයම හසු කර ගත නොහැකි බව අපි පිළිගනිමු. මරණින් මතු ජීවිතය, ගන්ධබ්බ කාලය, ආත්මවාදය වැනි කරුණු අදටත් අභියෝගයට ලක්‌ කළ නොහැක. එහෙත් කෙනකු අසනීප වූ විට හාස්‌කම් පිළිබඳ අවදානමක්‌ නොගෙන ලෙඩා රෝහල්ගත කරන්නේ නම් ඔහුට තවදුරටත් ජීවත්වීමට හැකි වනවා ඇත. යාඥ මෙහෙයකදී කෙනෙකු මියගිය විට එය එම මෙහෙය සිදුකළ ආගමික නිකායටද ඉතා නරක ලෙස බලපායි. විහාරමහා දේවි උයනේදී මෙන්ම බත්තරමුල්ලේ කොස්‌වත්තේදී වූ මරණවලින් පෙනී යන්නේ දේවගැතිවරුන් සහ බැතිමතුන් සහභාගි වුවද එම යාඥ මෙහෙයට දෙවියන් ඊට සහභාගි වී නැති බවය. දෙවියනි ඔබ කොහිද?

(දිවයින - 09/11/05)

ටිප්පණිය - ලංකාව පුරා මේ ආකාරයේ විවිධ ආගමික කල්ලි අහිංසක නූගත් මිනිසුන් ගොදුරු කර ගනිති. ඉන් බහුතරය බෞද්ධයින් බව නොකියා ම බැරි ය. රටේ අතිබහුතරය බෞද්ධයින් වුව ද නායකයින් බොහෝ දෙනා ජාතික ඇඳුම ඇඳ අතේ පිරිත් නූල් බැන්ද ද ඊට එරෙහිව ගත් ක්රි යාමාර්ගයක් නැත. සිදුවන්නේ ඒ අහිංසක මිනිසුන්ගේ කරමතින් උන් සුරලොව ගොස් ඒ හිණි මගට පයින් ගැසීම පමණි. ජනතාව සිය සංස්කෘතිය ද ආගම ද පෞඪත්වය ද අහිමි කර ගනිමින් ඒ නරා වළේ ම පැසවති. ඔවුන් දෙවියන්ගේ බැල්ම වැටෙන මානයෙන් බොහෝ ඈත ය.
8:07 AM

0 Responses to "දෙවියනි ඔබ කොහිද?"

Post a Comment