මෙන්න මගේ RSS Feeds

හිලරි ක්‌ලින්ටන්ගේ වැරදීම හා රටට වූ අවමානය!

0 Comments »
මොනිකා ලෙව්න්ස්‌කි බිල් ක්‌ලින්ටන් සහ හිලරි

සෙනෙට්‌ සභික හිලරි ක්‌ලින්ටන් හා ඇගේ සැමියා වූ බිල් ක්‌ලින්ටන් කළ ප්ර කාශ නිවැරදි නැහැ. - බරක්‌ ඔබාමා (2008 ජනවාරි 1දා)

ඇමරිකානු රාජ්යි ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන් පසුගියදා ශ්රීන ලංකාවේ හමුදාවට එරෙහිව ප්ර කාශයක්‌ කරමින් ද්රිවිඩ කාන්තාවන්ට ලිංගික හිංසා සිදු කළ බවට චෝදනා කරනු ලැබීය. මේ චෝදනාව සනාථ කරන්නැයි ආරක්ෂාක බලධාරීන් පැවසූ විට ඇයගේ රාජ්යව දෙපාර්තමේන්තුව පැවසුවේ අත්වැරැද්දක්‌ සිදුවූ බවයි. ප්රැභාකරන් විසින් ඇමරිකානු රාජ්යැ දෙපාර්තමේන්තුවට ඩොලර් කෝටි 100 ක පගාවක්‌ දීමට උත්සාහ කළ බව මෙයට කලකට පෙර වාර්තා විය.

මේ නිසා පැහැදිලි වන්නේ ඇමරිකාවේ කොටි හිතවාදීන් ඇමරිකානු රාජ්යත දෙපාර්තමේන්තුවට ඇතුළු වී ඇති බවයි. ශ්රීද ලංකා හමුදාවට එරෙහිව හිලරි ක්‌ලින්ටන් මෙකී අභූත චෝදනාව නැඟුවේ ජර්මනියේ ජේ.ඩී.එස්‌. නමැති කොටි හිතවාදීන් සහ ඔවුන්ගේ සහයකයා වූ ඇමරිකානු කොටි ඒජන්ත විශ්වනාදන් හා එක්‌ව චැනල් ෆෝ සාවද්යි වීඩියෝ පටය බෙදාහැරීමේ ක්රිඇයාදාමයෙන් සති තුනකට පසු වය.

මෙම තත්ත්වය මත ශ්රීි ලංකාවට එරෙහිව දැවැන්ත කුමන්ත්රනණයක්‌ ක්රි යාත්මක වන බව පැහැදිලිවේ. මෙයට පෙර 2008 ජනවාරි 01 වැනිදා ජනාධිපති අපේක්ෂ්ක බරක්‌ ඔබාමාට එරෙහිව බිල් ක්‌ලින්ටන් හා හිලරි ක්‌ලින්ටන් බොරු චෝදනා නැඟීය. මේ චෝදනා ඔප්පු කරන්නැයි ඔබාමා එම යුවළට අභියෝග කරනු ලැබීය. එහෙත් ඔවුන්ට ඔබාමාට එරෙහි චෝදනා ඔප්පු කිරීමට නොහැකි විය. එහෙත් අද ඔබාමා රජයේ රාජ්යහ ලේකම්වරිය ලෙස ලජ්ජා නැතිව ක්රිායා කරන්නේ හිලරි ක්‌ලින්ටන්ය. හිලරි ක්‌ලින්ටන් මේ ප්ර්කාශය කිරීමට පෙර තම සැමියා වූ බිල් ක්‌ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්‌කි අතර පැවැති සබඳතාව ගැන කිසිදු ප්ර කාශයක්‌ කළේ නැත. බිල් ක්‌ලින්ටන් අති විශාල මුදලක්‌ ගෙවා මොනිකා සමග පැවැති අයථා සබඳතාව වසන් කරගත් බව වාර්තා විය. ශ්රී. ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී කාන්තාවන්ට ලිංගික හිංසනය කිරීමට ආයුධයක්‌ ලෙස යොදාගත් බවට කෙරුණු චෝදනාවත් සමගම හිලරි ක්‌ලින්ටන්ව බේරාගැනීමට ඉදිරිපත් වූයේ මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ය. ඇමරිකානු රාජ්යට ලේකම්වරිය සිය ප්රකකාශයේදී කිසිම පාර්ශ්වයක්‌ නම් කළේ නැතැයි ඇය මාධ්යු අමතමින් පවසා ඇත. හිලරි ක්‌ලින්ටන් කිසිම පාර්ශ්වයක්‌ නම් නොකළේ නම් ඇය ආරක්ෂරක මණ්‌ඩල රැස්‌වීමේදී ශ්රීව ලංකාව ගැන සඳහන් කළේ මන්ද?

දෙවැනි ලෝක මහා සංග්රාරමයෙන් පසු ජර්මන් වධ කඳවුරුවල සිටි කාන්තාවක්‌ රැසක්‌ ඇමරිකානු සෙබළුන්ගේ අතවරවලට ගොදුරු විය. මේ වධ කඳවුරුවල සිටි කාන්තාවන්ගෙන් දැනට ජීවතුන් අතර සිටින එක්‌ කාන්තාවක්‌ අපට ස්‌විට්‌සර්ලන්තයේ ප්රි ඩර්න් නගරයේදී හමුවිය.

"මිත්රො ජාති" හමුදා ජර්මන් වධ කඳවුරුවල සිටි කාන්තාවන් බේරාගත් බව පැවසුවත් එම හමුදාවලින් කාන්තා සිරකාරියන්ව බේරාගැනීමට නොහැකි වුණා යෑයි ඇය හෙළි කළාය.

ඇමරිකානු හමුදා වියට්‌නාමයේදීත්, ජපානයේ ඔකිනාවා දූපතේදීත් කාන්තාවන් ලිංගික හිංසනයට ලක්‌ කිරීමේ සිදුවීම් රැසක්‌ වාර්තා වී තිබිණි.

ඇමරිකානු හමුදා භටයන් ගුවන්තනාමෝ බේ සිරකඳවුරේ සිටි පිරිමි සිරකරුවන් පවා ලිංගික හිංසනයට ලක්‌ කිරීමේ සිද්ධින් සාක්ෂි සහිතව මුළු ලොවටම හෙළිවෙද්දී හිලරි ක්‌ලින්ටන් නිහඬ විය. 2008 පෙබරවාරි 6 වැනිදා ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවා ප්රිධානියකු වූ ජනරාල් මයිකල් හෙන්ස්‌ පැවසුවේ අල්කයිදා සිරකරුවන් තිදෙනකුගෙන් තොරතුරු ලබාගැනීම සඳහා ඔවුන්ව ජලයේ බස්‌සවා වධහිංසා කළ බවයි.

රොබට්‌ ජේ. ලිලී නමැති ඇමරිකානු විමර්ශකයා හෙළි කරන අන්දමට දෙවැනි ජගත් සංග්රාසමයෙන් පසු එංගලන්තය ජර්මනිය සහ ප්රං.ශය යන රටවල කාන්තාවන් 14000 කට අධික සංඛ්යාලවක්‌ ඇමරිකානු හමුදා භටයන්ගේ අතවරවලට ලක්‌වී ඇති බවය.

මෙම පසුබිම යටතේ හිලරි ක්‌ලින්ටන් ශ්රීන ලංකා හමුදාවට එරෙහිව සාවද්යස චෝදනා නැඟීම පුදුමයක්‌ නොවේ. ඇය මෙකී ප්රරකාශය කිරීමට සති දෙකකට පෙර ටැමිල්ස්‌ ෆෝ ඔබාමා නමැති නමැති කොටි සංවිධානය එකී චෝදනාව ප්රරකාශයට පත් කරනු ලැබීය.

මේ නිසා ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවට සාවද්ය තොරතුරු යොමු කරන්නේ කවුද යන්න සනාථවේ. ඇමරිකානු රාජ්යස ලේකම්වරිය මෙකී ප්රයකාශය කිරීමටර පෙර ඇය ඒ ගැන මෙරට රජයෙන් විමසුවේද? හිටපු ඇමරිකානු රාජ්යස ලේකම් කොලින් පවල් ද මේ අන්දමට එක්‌සත් ජාතීන්ගේ ආරක්ෂජක මණ්‌ඩලය හමුවේ ප්රිකාශයක්‌ කරමින් ඉරාකය විනාශකාරී අවි ආයුධ සඟවාගෙන ඇතැයි කියා සිටියේය.

එහෙත් ඇමරිකානු හමුදාවලට ඉරාකයේ එවන් අවි ගැන සොයා ගැනීමට නොහැකි විය.

මින් සනාථ වූයේ කොලින් පවල් සාවද්යන තොරතුරු ප්රමකාශ කර මුළු ආරක්ෂ ක මණ්‌ඩලයම නොමඟ යෑවූ බවයි.

මෙහිදී ඉතාමත්ම හාස්යවජනක සිද්ධිය නම් හිලරි ක්‌ලින්ටන්ගේ එකී චෝදනාව ශ්රීි ලංකා හමුදාවට හෝ කොටි සංවිධානයට එරෙහිව කියා නොසිටි බවයි. එසේනම් ඇය සිය චෝදනාව නැඟුවේ අවතාරවලටද? වසර 26 ක්‌ තිස්‌සේ යුද්ධය පැවතියේ ශ්රී් ලංකා හමුදාව හා කොටි සංවිධානය අතරය. මේ නිසා ඇගේ මෙකී සාවද්යද ප්රංකාශය යුරෝපා ප්රඑජාව අතර ව්යා‍ප්ත වී ඇත. කොටි වෙබ් අඩවි කීපයක්‌ම හිලරි ක්‌ලින්ටන්ගේ ප්රිකාශයට මුල් තැන දීමෙන් සනාථ වන්නේ ඇගේ චෝදනාව එල්ල වූයේ ආරක්ෂයක හමුදාව වෙත බවයි.

ඇය මේ ප්රාකාශය කිරීමට පෙර ඇමරිකාවේ වසරකට කාන්තාවන් කීදෙනෙක්‌ ලිංගික හිංසනයට ලක්‌වන්නේ ද යන්න ගැන සොයා නොබැලුවේද?.

මෑතකදී එක්‌ හමුදා නිලධාරියෙක්‌ට එල්ලවූ බරපතල චෝදනා නිසා ඔහුම ඉල්ලා අස්‌විය. එහෙත් ඇමරිකානු පුවත්පත් එකී සිද්ධිය යට ගැසීය.

හිලරි ක්‌ලින්ටන්ට පෙර ඇමරිකානු සහකාර රාජ්යබ ලේකම් රොබට්‌ බ්ලේක්‌ මෙරට හමුදාවට එරෙහිව සාවද්යක යුද අපරාධ චෝදනා වාර්තාවක්‌ සකස්‌ කළේය.

මේ වාර්තාව ප්රාකාශයට පත් කිරීම කල්දමා තිබේ. කොටි සංවිධානය පරාජයවීම නිසා සන්තාපයට පත්ව සිටින ඇමරිකානු බලධාරීහු ශ්රීර ලංකාවට එරෙහිව මෙවන් ප්රාකාශ කිරීම පුදුමයක්‌ නොවේ.

එහෙත් යුද මහාචාර්යවරයකු යැයි හඳුන්වා ගන්නා අයෙක්‌ දැන් සිංගප්පූරුවේ ඇමරිකාවට සුදුහුණු ගෑමට ඉදිරිපත් වී ඇත. කොටි ජාත්යමන්තර අවි ජාලය බිඳ දැමුවේ ඇමරිකාව යෑයි මේ තැනැත්තා පවසා තිබේ.

එහෙත් කොටින්ගේ ජාත්ය.න්තර අවි ජාලයට අයත් නැව් විනාශ කර එකී ආයුධ ජාලය විනාශ කළේ නාවික හමුදාවයි.

මේ අතර එක්‌සත් ජාතීන්ගේ ආරක්ෂතක මණ්‌ඩලයේ දී ශ්රීා ලංකාවේ හමුදාවට එරෙහිව ප්ර කාශයක්‌ කළ හිලරි ක්‌ලින්ටන් ඇමරිකානු හමුදා සිදු කළ අපරාධ ගැන වචනයක්‌වත් නොකියන්නේ මන්ද? ඒ ඇමරිකානු සෙබළුන්ව රකින දේශප්රේමමී පනත නිසාය. මේ පනත යටතේ ඕනෑම වරදක්‌ කළ ඇමරිකානු සෙබළුන්ට කිසිම රටකදී දඬුවම් කිරීම තහනම්ය.
(දිවයින - 09/10/06)

ටිප්පණිය - තම ඇහේ ඇති පොල් පරාල හිලරිටට නොපෙනේ. අන් ඇස්වල ‍පොල් කෙඳි ම පෙනේ. බීල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවින්ස්කි අතර පැවති පළහිලව්ව ගැන මුණිවත රැකි හිලරිට ඇමරිකා හමුදා සිදු කළ ස්ත්රීට දූෂණ ගැන කතා කළ නො හැකි ය. එසේ කතා කළොත් උඹ අපි හදන්න එන්නේ උඹේ මිනිහා හදා ගනින්කෝ යැයි ඔවුන් අතර සිටින මුඛරියකු කීමට බැරි නැත. අපේ හමුදාවට චෝදනා කරන හිලරිට මට කීමට ඇත්තේ ද එපමණකි. ශ්රීර ලංකා හමුදාවේ කිසි දිනක බීල් ක්ලින්ටන්ලා කුලී හේවායන් ලෙස වැඩ නො කළ නිසා අපේ හමුදා අතින් එවන් දේ සිදු විණැයි සිතිය නොහැකි ය.
6:37 AM

0 Responses to "හිලරි ක්‌ලින්ටන්ගේ වැරදීම හා රටට වූ අවමානය!"

Post a Comment